Wednesday, October 14, 2015

සඳක් නැති අහසේ අරමුණක් නැතුව මං...

අළු පාට වළාකුළු කථාවක් නෑ
තරු නිවී රාත්‍රියේ
සඳක් නැති අහසේ
අරමුණක් නැතුව මං
ගිනි අරන් පොලවක් හොයන්

අහස් කාන්තාරයේ නන්නාඳුනනා ජීවිතේ
ආලෝක වර්ෂ ගෙවා
ආදරේ අරමුණක් සොයා
පොළවට වැටෙනා දේවතා එළියක්
ගිනි ගත්ත තරු එළියක්

උල්කාපාතයක් අහසේ ගිනි අරන්
අළු වෙලා පොළවට වැටෙනා
උල්කාපාතයක්


Film : Miles of a Dream (2013)

Director : Udaya Dharmawardhana

Lyrics : Chinthana Dharmadasa


No comments:

Post a Comment