Saturday, December 26, 2015

පොඩි එකෙක් වෙලා බලල රසවිඳිය යුතු ෆිල්ම් එකක්

හෝ ගාන පොකුණ... පොඩි එකෙක් වෙලා බලල රසවිඳිය යුතු ෆිල්ම් එකක්. ලංකාවේ හැදුන සාර්තක ළමා චිත්‍රපටයක්. සිනමාරූපීබව සහ රූපරාමු සංකලනය සාර්ථකව කරල තිබ්බා. ටීචර්ගේ රඟනය තරමක් ඔවර් වගේ ඒත් පොඩි එවුන් ටික සහ ජයලත් මනොරත්න ඇතුලු අනෙක් රංගනයන් පැසසිය යුතුයි. නවක අධ‍යක්ශකයකු ලෙස ඉන්දික සාර්තකයි කියල හිතනව.


Friday, December 25, 2015

බොලිවුඩ් සිනමාව රැජිනිකාන්ත් කරණය...

              රොහිත් ශෙට්ටි, ශාරුක් ඛාන් මුසුව චෙන්නායි එක්ස්ප්‍රස් හරහා ප්‍රෙක්ශකයකු වශයෙන් මා හට ලංකල නිසාමත්, ශාරුක් කාජල් නැවත හමුවීමත් බොලිවුඩ් තිරය තුල දිගහැරුන නවතම චිත්‍රපට අත්දැකීමක් ව්ඳගැනීමට මා සිනමහලට පිවිසියා. ආරම්භයේ සිට අවසානය දක්වාම දිවෙන අභව්‍යත්වයෙන් එහාටගිය සිදුවීම් පෙලක් මා නැරඹුවෙමි. රැජිනිඛන්ත් දකුනු ඉන්දියානු සිනමාව තුල සිදුකල දෑ බොලිවුඩ් සිනමාවට ගෙන එන්නට දැරූ ශෙට්ටි නාගත්තාදැයි සිතුනි. අලන්කාර රූපරාමු මැවීමටගත් උත්සහය අවසන් වී තිබුනේ දෘශ්‍ය ප්‍රයොග මැලේ අච්චාරුවකිනි. වරූන් ධවන් නැවත වරක් තම රංගනයේ දුර්වලතව පෙන්වන රංගනයක නිරතවුවත් නවක නිලියක වූ ක්‍රිටි සනූන්ගේ රංගනය පැසසිය හැකියි. චිත්‍රපටයේ කතාකල හැකි දෙයකට තිබුනේ ශාරුක් කාජල් රංගනය පමනි. ගොල්මාල් චිත්‍රපට හරහා සිනමවට එක්කල රොහිත් ශෙට්ටි සලකුන පෙනෙන්නට නැත. ඇත්තේ මෝඩ ජොක්ස් ටිකක් හා මෝඩ ෆයිට්ස් ටිකක් පමනි.